ඔයාගේ ආදරේ හිතේ පුරවගෙන මම මොණරාගල ගියා.හරියටම සැප්තැම්බර් 21. ඌවේ ඡන්දේ තිබ්බේ එදා.වෙනදා වගේම දවස පටංගත්තා.මගේ ලෝකෙට එළිය ආවා Good morning ayye කියාගෙනම.එදා සෙනසුරාදා දවසක් ඔයා ගෙදර යන දවස. මම දවල් වෙනකොට ටිකක් busy වුණා.මේ නිසා මට fb එන්නත් බැරි වුණා.මොකද ඒ පැත්තට ටැබ් එකේ සිග්නල්ස් අඩු නිසා. දවල් එක විතර වෙද්දි call එකක් ආවා ඔයාගෙන්. "අයියේ මං මේ ඔයාගේ මනුස්සකමින් අයුතු ප්‍රයොජන ගන්න හදනවා කියලා හිතන්නෙපා.මම අද ටිකක් කලින් යනවා.මේ යන ගමන් කියලා"..ඇත්තම කිව්වොත් සුදු අමිමි ඒ වෙලාවෙත් මගේ හිත ඔයා හොය හොය හිටියේ. Signals නැති නිසා Tab එක වැඩකරන්නෙත් නෑ, call කරන්නත් බෑ ඔයා මොනවා හරි හිතයි කියලා.මේ අතරේ තමයි මට ඔයා කෝල් කළේ.දැනුන සතුට කියන්න වචන නෑ මගේ මැණික...කට්ටිය ඒ අස්සේ තේ බොන්න කථා කරනවා මට ..මේ නිසා මම ඇහුවා "මම රෑ වෙලා කථා කරන්නම්.එහෙම කළාට කමක් නැද්ද ? "කියලා ඔයාගෙන් ඇහුවේ. "ඔයා කිව්වා හරි කමක් නෑ අයියේ කථා කරන්න "කියලා.ඔයාම පස්සේ කියන විදිහට එදා තමයි ලු දැන් නම් හරියටම හරි කියලා තේරුණේ
Monday, November 17, 2014
Monday, November 10, 2014
ඔයාව කවදාවත් මට කරදරයක් නෙවෙයි
දවසින් දවස මට ඔයාව ලං වෙනවා. මට ඔයා නොදැක ඉන්න බැරි වෙනකොට මම එක දිගට ඔයාලගේ office එකට එනවා. වෙනදාට ආපහු දුවන්න බලාගෙන ආපු මම පැය ගාණක් ඔයාලා එක්ක ඉදලා බත් කාලා තේ බීල යනවා.මේ අතරේ තමයි මට හදිසි රාජකාරි වැඩකට මොණරාගල යන්න වෙන්නේ.මම එහේ යන්නේ හෙට කියලා ඇවිල්ලා meeting එකක් තිබ්බා.මම දවස් 3කට කොළඹ නෑ කියන්න.එදා හවස මම ගියාම මට txt එකක් එනවා. “ koitharam wada thibuath oya ehema awith giya eka godaak watinawa.dan apita hete indala fit eke wada karanna puluwan“ කියලා.එතකොට මට හිතුනා සුදු අම්මි මේ “ අපි “ කියන්නේ “මම “ කියන එක කියලා.
මේ විදිහට කියලා මොණරාගල ගිය ගමන තමයි තීරණාත්මක වුණේ.පස්සේ දවසේ මොණරාගල යන ගමන් මම මගේ වැඩකට කථා කළා ඔයාට.මේ උදව්ව ගන්න ගමන් මම අහපු දේ තමයි “ මම කරදර කරනවා නේද ඔයාට කියලා.එතකොට ඔයා කිව්වා මතකද “ ඔයා නෙවෙයි අයියේ අපියි ඔයාට කරදර කරන්නේ කියලා“ ඊට පස්සේ මම ඔයාට කිව්වා“ ඔයාව කවදාවත් මට කරදරයක් නෙවෙයි“ කියලා.ඒක මම කිව්වේ නිකමට නෙවෙයි. මම කිව්ව එක ඔයා හරියටම තේරුම් අරං තිබුණා සුදුඅම්මි...
Monday, November 3, 2014
my loving panchi....
දවසින් දවස ගතවුනා. හැමදාම උදේට හවසට රෑට sms හුවමාරු වුනා.ආදරෙයි කියලා නොකියා කියන ගොඩාක් දේ ඒ අතරේ තිබුණා. ''parissamin yanna'' '' bus eke seat thibunada'' ''oyata wadi wenna labunada'' මේ විදිහට කාලය ගත වෙනකොට දවසක් මම ඔයාට කිව්වම '' godaaaaak parissamin yanna'' කියලා ඔයාගේ ඇස් උඩයන්න ඇති.ඔයා හිතන්න ඇති අනිවාර්යයෙන්ම “ දැන් නම් හරි “ කියලා අර ඔයා මට කියන විදිහට සුදු අම්මි. ඔයා මම කථා කරනකොට msg කරනකොට “ දැන් හරි“ “ දැන් නම් හරි තමයි“ කියලා හිතනවා කියලා කිව්වේ. ඒ විදිහට හිතන්න ඇති. මෙහෙම ඉන්න අතරේ දවසක හවස මම ඔයාගේ ඔෆිස් එකට ආවේ විශේෂ හේතුවකට නෙවෙයි.ඇත්තටම ඔයාව බලන්න. පස්සේ meeteing එකක් තියලා ඉවර වෙලා මම යන්න යද්දි ඔයයි තව යාලවෙකුයි දෙන්නම මං එක්ක යන්න ආවා. මම අර යාළුවාගේ ගිටාර් එකක් පිටින් දාලා කොට්ටාවටම ඔයාව ගෙනල්ලා දැම්මා.මතකද මගේ රත්තරං. ඒ බැහැලා ඔයා මට txt කරනවා “ thank you my loving boss " කියලා. එතකොට මං හිටියේ පාලම උඩ. කාර් එක පාර මැද නවත්තලා කෑ ගහන්න හිතුනා සතුටට.මුළු හිතම පිරිලා වගේ දැනුනා සුදු අම්මි.පස්සේ මම reply කලා my loving panchi කියලා. මට ආදරේ හිතුන දවස් වල තමයි මං ඔය පැංචි කියන නමට ආස වුනේ. මතක නම් මතක් කරලා බලන්න සුදු අම්මි මං ඔයාට ඉදලා හිටලා හරි පැංචි කියන්න පටං ගත්තේ මගේ හිතේ ආදාරේ තියාගෙන..
Subscribe to:
Comments (Atom)

.jpg)
