Friday, September 4, 2015

කාලෙකට පස්සේ වුන ගොඩාක් දේවල්


අන්තිම බ්ලොග්පෝස්ට් එක දාලා තියෙන්නේ ගිය අවුරුද්දේ දෙසැම්බර්. ඒ ඉඳලා මේ වෙනකල් කියලා ඉිවර කරන්න බැරි ගොඩාක් දේවල් වුණා. නිගම්බු නයිට්,ඇලනාරා,වතුරබටේ ,කළු පාලම,පෝනි පාර , කැලෑ හඳ, කළු බල්ලා,ඉටු දෙවියා, හයිවේ සිසිර, කොට්ටෝරුවා ....මේ විදිහට කිව්වම ඔයා කවදහරි දවසක මේ බ්ලොග් එක බැලුවොත් ඔයාට මතක් වෙයි ඒ සුන්දර දවස් සහ සිදුවීම්.

ඒ තමයි මගේ ජීවිතේ ලස්සනම කාලේ. ඔයා හැම දේම අතෑරලා මගෙත් එක්ක ලංකාවෙන් යන්න හිටියේ. හොරණ ගියපු මුල්ම දවසේ ඇඳගෙන හිටපු අළු පාට ටී ෂර්ට් එකයි රතු පාට කලිසමයි මට තාම  මතකයි. ඔන්චිලි පැද පැද ආප්පකාපු කඩේ.ඒ හැම දෙයක්ම  හිත අවුස්සන මතක වෙලා ඉවරයි මගේ පණ.මම තාමත් බණ්ඩාරගම පාරේ යන්න බයයි. හිත ගැස්සෙන නිසා. දරාගන්න බැරි වේදනාවක් පපුව මැද්දෙන් පටං අරං උගුරු දණ්ඩ දිගේ උඩට ඇවිල්ලා කන් දෙක රත් කරගෙන මුළු ඔළුවම පහුරු ගාන නිසා.