Friday, September 4, 2015

කාලෙකට පස්සේ වුන ගොඩාක් දේවල්


අන්තිම බ්ලොග්පෝස්ට් එක දාලා තියෙන්නේ ගිය අවුරුද්දේ දෙසැම්බර්. ඒ ඉඳලා මේ වෙනකල් කියලා ඉිවර කරන්න බැරි ගොඩාක් දේවල් වුණා. නිගම්බු නයිට්,ඇලනාරා,වතුරබටේ ,කළු පාලම,පෝනි පාර , කැලෑ හඳ, කළු බල්ලා,ඉටු දෙවියා, හයිවේ සිසිර, කොට්ටෝරුවා ....මේ විදිහට කිව්වම ඔයා කවදහරි දවසක මේ බ්ලොග් එක බැලුවොත් ඔයාට මතක් වෙයි ඒ සුන්දර දවස් සහ සිදුවීම්.

ඒ තමයි මගේ ජීවිතේ ලස්සනම කාලේ. ඔයා හැම දේම අතෑරලා මගෙත් එක්ක ලංකාවෙන් යන්න හිටියේ. හොරණ ගියපු මුල්ම දවසේ ඇඳගෙන හිටපු අළු පාට ටී ෂර්ට් එකයි රතු පාට කලිසමයි මට තාම  මතකයි. ඔන්චිලි පැද පැද ආප්පකාපු කඩේ.ඒ හැම දෙයක්ම  හිත අවුස්සන මතක වෙලා ඉවරයි මගේ පණ.මම තාමත් බණ්ඩාරගම පාරේ යන්න බයයි. හිත ගැස්සෙන නිසා. දරාගන්න බැරි වේදනාවක් පපුව මැද්දෙන් පටං අරං උගුරු දණ්ඩ දිගේ උඩට ඇවිල්ලා කන් දෙක රත් කරගෙන මුළු ඔළුවම පහුරු ගාන නිසා.

Tuesday, December 23, 2014

දරාගන්න අසීරුම දවස


අපේ ආදරේ පටංගත්තේ හරිම සුන්දර විදිහට.හැති තීරණයක්ම හැම  දෙයක්ම වුණේ හදිස්සියට වගේ.මම ආදරෙයි කියලි කිව්වම මුලින්ම මගේ ආදරේ බලාපොරොත්තු වෙලා හිටපු ඔයා එකපාරම ඒ ආදරේ පිළිගත්තේ නෑ. මතකද අපි එක උදේ වරුවක්ම දුක් වින්ද හැටි. FB එකේ Official විදිහට විතරක් චැට් කරලා." ha." "OK" "danna." එහෙම විතරක් චැට් කර කර හිටපු ඔයා දවල් වෙද්දි මට sms කරනවා  "kiyagnna bari thramta aul wela " කියලා.මතකද සුදු අම්මි.එදා මට යාළුවෙක්ගේ තාත්තා කෙනෙකුට අසනීප වෙලා ගම්පහ යන්න තිබුනා බලන්න. ඒ යන එන ගමනේදී අපි පිටු ගණන්  sms  කළා.අන්තිමේ ඔයාගේ අකමැත්තට හේතුව මම ඇහුවම ඔයා කිව්වේ මම හීනෙකින් වත් හිතපු දෙයක් නෙවෙයි. ඒක අහලා මම ආපහු යන්න හැදුවම ඔයාම " mata oyawa one" " i love you" කිව්වා මතකද සුදු අම්මි?

පළවෙනි call එක


එහෙම කථා කරන්නම් කිව්වට මට එදා රෑ කතා කරන්න බැරි වුනා සුදු අම්මි.ඒත් අපි txt  කළා. ඔයා පස්සේ දවසේ class  යන එකට අපි ඔට්ටු ඇල්ලුවා. ඔයා කිව්වේ එදා දවස මගේ කියලා.ඔයා  ඔට්ටුව දිනලා class ගියා. ඔයා class ඉවරවෙලා එනකොට සුදු අම්මි මම මොණරාගල ඉදලා එනවා.අපි දිගටම   txt කළා ඔයා ගෙදරට යනකල්ම.එදා හවස මම" tikak biwwata kamak nadda kiyala ahuwa "ඔයා ඒකට හා කියලා පස්සේ ආයෙත් මාව හොයලා "ko me nanwa kiwwa aya?" කියලා මට  txt කරලා සුදු අම්මි. මතකද එදා රෑ මම ඔයාට call කළා.වැඩි වෙලාවක් නෑ විනාඩි 7 ක්විතර කතා කරන්නැති.අම්මා ඔයාට කන්න කථා කරලා ඔයා ගියා. ඊට පස්සේ  mama doyyana welawa කියලා ඔයා  messge කළා සුදු අමිමි..

Monday, November 17, 2014

දැන් නම් හරි , හරියටම හරි

 
ඔයාගේ ආදරේ හිතේ පුරවගෙන මම මොණරාගල ගියා.හරියටම සැප්තැම්බර් 21. ඌවේ ඡන්දේ තිබ්බේ එදා.වෙනදා වගේම දවස පටංගත්තා.මගේ ලෝකෙට එළිය ආවා Good morning ayye කියාගෙනම.එදා සෙනසුරාදා දවසක් ඔයා ගෙදර යන දවස. මම දවල් වෙනකොට ටිකක් busy වුණා.මේ නිසා මට fb එන්නත් බැරි වුණා.මොකද ඒ පැත්තට ටැබ් එකේ සිග්නල්ස් අඩු නිසා. දවල් එක විතර වෙද්දි call එකක් ආවා ඔයාගෙන්. "අයියේ මං මේ ඔයාගේ මනුස්සකමින් අයුතු ප්‍රයොජන ගන්න හදනවා කියලා හිතන්නෙපා.මම අද ටිකක් කලින් යනවා.මේ යන ගමන් කියලා"..ඇත්තම කිව්වොත් සුදු අමිමි ඒ වෙලාවෙත් මගේ හිත ඔයා හොය හොය හිටියේ. Signals නැති නිසා Tab එක වැඩකරන්නෙත් නෑ, call කරන්නත් බෑ ඔයා මොනවා හරි හිතයි කියලා.මේ අතරේ තමයි මට ඔයා කෝල් කළේ.දැනුන සතුට කියන්න වචන නෑ මගේ මැණික...කට්ටිය ඒ අස්සේ තේ බොන්න කථා කරනවා මට ..මේ නිසා මම ඇහුවා "මම රෑ වෙලා කථා කරන්නම්.එහෙම කළාට කමක් නැද්ද ? "කියලා ඔයාගෙන් ඇහුවේ. "ඔයා කිව්වා හරි කමක් නෑ අයියේ කථා කරන්න "කියලා.ඔයාම පස්සේ කියන විදිහට එදා තමයි ලු දැන් නම් හරියටම හරි කියලා තේරුණේ

Monday, November 10, 2014

ඔයාව කවදාවත් මට කරදරයක් නෙවෙයි


දවසින් දවස මට ඔයාව ලං වෙනවා. මට ඔයා නොදැක ඉන්න බැරි වෙනකොට මම එක දිගට ඔයාලගේ office එකට එනවා. වෙනදාට ආපහු දුවන්න බලාගෙන ආපු මම පැය ගාණක් ඔයාලා එක්ක ඉදලා බත් කාලා තේ බීල යනවා.මේ අතරේ තමයි මට හදිසි රාජකාරි වැඩකට මොණරාගල යන්න වෙන්නේ.මම එහේ යන්නේ හෙට කියලා ඇවිල්ලා meeting එකක් තිබ්බා.මම දවස් 3කට කොළඹ නෑ කියන්න.එදා හවස මම ගියාම මට txt එකක් එනවා. “ koitharam wada thibuath oya ehema awith giya eka  godaak watinawa.dan apita hete indala fit eke wada karanna puluwan“ කියලා.එතකොට මට හිතුනා සුදු අම්මි මේ “ අපි “ කියන්නේ “මම “ කියන එක කියලා.
මේ විදිහට කියලා මොණරාගල ගිය ගමන තමයි තීරණාත්මක වුණේ.පස්සේ දවසේ මොණරාගල යන ගමන්  මම මගේ වැඩකට කථා කළා ඔයාට.මේ උදව්ව ගන්න ගමන් මම අහපු දේ තමයි “ මම කරදර කරනවා නේද ඔයාට කියලා.එතකොට ඔයා කිව්වා මතකද “ ඔයා නෙවෙයි අයියේ අපියි ඔයාට කරදර කරන්නේ කියලා“ ඊට පස්සේ මම ඔයාට කිව්වා“ ඔයාව කවදාවත් මට කරදරයක් නෙවෙයි“ කියලා.ඒක මම කිව්වේ නිකමට නෙවෙයි. මම කිව්ව එක ඔයා හරියටම තේරුම් අරං තිබුණා සුදුඅම්මි...


Monday, November 3, 2014

my loving panchi....


දවසින් දවස ගතවුනා.  හැමදාම උදේට හවසට රෑට sms හුවමාරු වුනා.ආදරෙයි කියලා නොකියා කියන ගොඩාක් දේ ඒ අතරේ තිබුණා. ''parissamin yanna'' '' bus eke seat thibunada'' ''oyata wadi wenna labunada'' මේ විදිහට කාලය ගත වෙනකොට දවසක් මම ඔයාට කිව්වම '' godaaaaak parissamin yanna'' කියලා ඔයාගේ ඇස් උඩයන්න ඇති.ඔයා හිතන්න ඇති අනිවාර්යයෙන්ම “ දැන් නම් හරි “ කියලා අර ඔයා මට කියන විදිහට සුදු අම්මි. ඔයා මම කථා කරනකොට msg කරනකොට “ දැන් හරි“ “ දැන් නම් හරි තමයි“ කියලා හිතනවා කියලා කිව්වේ. ඒ විදිහට හිතන්න ඇති. මෙහෙම ඉන්න අතරේ දවසක හවස මම ඔයාගේ ඔෆිස් එකට ආවේ විශේෂ හේතුවකට නෙවෙයි.ඇත්තටම ඔයාව බලන්න. පස්සේ meeteing එකක් තියලා ඉවර වෙලා මම යන්න යද්දි ඔයයි තව යාලවෙකුයි දෙන්නම මං එක්ක යන්න ආවා. මම අර යාළුවාගේ ගිටාර් එකක් පිටින් දාලා කොට්ටාවටම ඔයාව ගෙනල්ලා දැම්මා.මතකද මගේ රත්තරං. ඒ බැහැලා ඔයා මට txt කරනවා “ thank you my loving boss " කියලා. එතකොට මං හිටියේ පාලම උඩ. කාර් එක පාර මැද නවත්තලා කෑ ගහන්න හිතුනා සතුටට.මුළු හිතම පිරිලා වගේ දැනුනා සුදු අම්මි.පස්සේ මම reply කලා my loving panchi  කියලා. මට ආදරේ හිතුන දවස් වල තමයි මං ඔය පැංචි කියන නමට ආස වුනේ. මතක නම් මතක් කරලා බලන්න සුදු අම්මි මං ඔයාට ඉදලා හිටලා හරි පැංචි කියන්න පටං ගත්තේ  මගේ හිතේ ආදාරේ තියාගෙන..

Friday, October 17, 2014

හදිසි msg එක

හැමදාම හිත් කියන දේවල් හංගගෙන ඉන්න පුළුවන් වුනේ නෑ අපිට.මගේ හිත මටත් හොරෙන් ඔයාව හෙව්වා. උදේට Alexa කීයද කියන msg  එක ඇතුළේ ගොඩාක් දේවල් යවන්න පුළුවන් වුණා මට.ඒක good morning msg එක වගේ . ඉරිදා දවසක තිබුන wedding එකකට අපි ගිහින් ඔයා ඊට පස්සේ පෝය දවසේ  ගෙදර ගියා.ඒ යනකොටත් ගොඩක් හවස් වෙලා.එහෙම ගිහින් අගහරුවාදා ආයේ ඔයා එන්න ඕනේ හරි නම්. ඒත් මම කියලම එදා ඔයා ගෙදර හිටියා. ඔයා ගෙදර නිසා මම උදේ  Alexa  msg  එක යැව්වේ නෑ මොකද relax එකේ ගෙදර ඉන්න ඕන නිසා ඔයාට. මං අමාරුවෙන් හිත තද කරන් හිටියා. ඒත් මෙන්න දවල් 12 විතර වෙන කොට මට msg එකක් එනවා. Ayye ada alexa  kohomada apita salakala tiyenne? කියලා.ඒ වෙනකොට ඒක දැනගන්න ඔයාට ඕන තරම් තැන් තිබුනා. ඔෆිස් එකේ අනිත් අයත් ඒ වෙන කොට ඇවිල්ල හිටියේ වැඩට. ඒත් ඔයා මේ අහපු එකත් එක්ක මගේ හිත නතර වුනා.මට වගේම ඔයාගේ හිතටත් මාව නැකුවම බෑ නේද ? කියලා මට හිතුනා සුදු අම්මි.එතනින් තවත් ආදරේ වැඩිවුණා.ඔහොම ඔහොම දන්නෙම නැතුව දවසින් දවස අපිට අපි නැතුව ඉන්න බැරි තරමට අපේ හිත් ලංවුනා.එක වචනෙකින් වත් ආදරේ නොකිව්වට අපිට අපි නොදැක ඉන්නත් බැරි වුණා.මම නිතරම වගේ ඔයාගේ office එකට එන්න පටං ගත්තා.  මම එනව කිව්වාම ඔයා සතුටින් හා.. කිව්වා..