හැමදාම හිත් කියන දේවල් හංගගෙන ඉන්න පුළුවන් වුනේ නෑ අපිට.මගේ හිත මටත් හොරෙන් ඔයාව හෙව්වා. උදේට Alexa කීයද කියන msg එක ඇතුළේ ගොඩාක් දේවල් යවන්න පුළුවන් වුණා මට.ඒක good morning msg එක වගේ . ඉරිදා දවසක තිබුන wedding එකකට අපි ගිහින් ඔයා ඊට පස්සේ පෝය දවසේ ගෙදර ගියා.ඒ යනකොටත් ගොඩක් හවස් වෙලා.එහෙම ගිහින් අගහරුවාදා ආයේ ඔයා එන්න ඕනේ හරි නම්. ඒත් මම කියලම එදා ඔයා ගෙදර හිටියා. ඔයා ගෙදර නිසා මම උදේ Alexa msg එක යැව්වේ නෑ මොකද relax එකේ ගෙදර ඉන්න ඕන නිසා ඔයාට. මං අමාරුවෙන් හිත තද කරන් හිටියා. ඒත් මෙන්න දවල් 12 විතර වෙන කොට මට msg එකක් එනවා. Ayye ada alexa kohomada apita salakala tiyenne? කියලා.ඒ වෙනකොට ඒක දැනගන්න ඔයාට ඕන තරම් තැන් තිබුනා. ඔෆිස් එකේ අනිත් අයත් ඒ වෙන කොට ඇවිල්ල හිටියේ වැඩට. ඒත් ඔයා මේ අහපු එකත් එක්ක මගේ හිත නතර වුනා.මට වගේම ඔයාගේ හිතටත් මාව නැකුවම බෑ නේද ? කියලා මට හිතුනා සුදු අම්මි.එතනින් තවත් ආදරේ වැඩිවුණා.ඔහොම ඔහොම දන්නෙම නැතුව දවසින් දවස අපිට අපි නැතුව ඉන්න බැරි තරමට අපේ හිත් ලංවුනා.එක වචනෙකින් වත් ආදරේ නොකිව්වට අපිට අපි නොදැක ඉන්නත් බැරි වුණා.මම නිතරම වගේ ඔයාගේ office එකට එන්න පටං ගත්තා. මම එනව කිව්වාම ඔයා සතුටින් හා.. කිව්වා..
Friday, October 17, 2014
Monday, October 13, 2014
bye tc
කොහොම හරි දවසින් දවස අපි Officialy ඉලක්ක වලට යනකොට දන්නෙම නැතුව අපි අපිට ලංවෙලා තිබුනා. නිතරම හිත හොයන තරමට.හැමදාම වැඩ ඉවර කරලා 5.30 ට “mama yanna kiyala baluwe boss " කියලා fb එකේ chat කළාම මට '' ok '' විතරක් නොකියා ''bye tc'' කියලා කියන්න හිත කිව්වේ ඇයිද කියලා මම තාම දන්නේ නෑ.ඊට පස්සේ ඒ chat එකේ ''bye tc''කියනෙක ඔයා දැක්කේ නැති වුණාම මට ඔයාගේ phone එකට txt එකක් දාලා ඒ ටික කියන්න කියලා හිත කිව්වේ ඇයි කියලා අද තමයි දන්නේ සුදු අම්මි.ඔයාටත් ඒකෙන් අමුත්තක් දැනෙන්න ඇති.ඊට පස්සේ එතන ඉදලා මගේ හිත ඔයා ව හෙව්වා “bus ekeda? " " bordimata giyada? " "kaawada?" ""bus eke wadiwenna thibbada " මේ වගේ ගොඩාක් දේවල් අහන්න මගේ හිත කිව්වා.එක දවසක් ඔයා ගෙදර ගියාම මම හිත බලෙන් හදාගත්තා අද නම් අහන්නෙම නෑ කියලා. කොහොම හරි හිත යටට තද කරලා ඔබාගෙන හිටියා. ඔන්න එදා රෑ වෙනකොට රෑ 10 ට විතර මට එනවා msg එකක්."" ayye mama dan mage raajadhaniyata awaa" කියලා. ඉතිං ඒ විදිහට ආයෙත් අපි ලංවුණා.
Thursday, October 9, 2014
‘හෙට තමයි දවස “
ජීවිත වෙනස් වෙන්නේ හිතුවේ වත් නැති විදිහට.ඔයා ගැන මං හීනෙකින් වත් හිතපු නැති ආදරයක් මේ. මීට මාස දෙකකට විතර කළින් ජොබ් එක පැත්තෙන් දුර ගමනක් යන්න හදන ඔයාලගේ team එක භාර වෙන්නේ මට. එතන ඉදලා මං හිතින් වගකීම අරං දුර ගමනක් යන්න අපි එකතු වුණා.එත් ඒක අපි දෙන්නගේ ගමනක් වෙයි කියලා හීනෙකින් වත් හිතුවේ නෑ සුදු අම්මි. ඉස්සෙල්ලම official විදිහට කථා බහ කරපු ඔයා හරි ඉක්මනට මට සමීප වුණා. මං දන්නේ නෑ ඒකේ මැජික් එක. මම ඔයාලට දුන්න targets, උපදෙස් , කඩාවැටීම් වලදී නැගිට්ටපු හැටි ඒ හැම එකකටම උදව් වෙන්න ඇති.අපි ටීම් එකක් විදිහට පස්සට යනකොට මට ඕන වුනේ ඉස්සරහට ටීම් එක එලවන්න කළින් ඔලුව හදන්න. “ හෙට තමයි දවස“ “we are the champions “ වගේ වචන ගොඩක් අරං කථා ගොඩක් අරං මං මානසිකත්වය හැදුවා. ඒ එක්කම මුලු ටීම් එකම එකට වැඩ කළා . වෙනදා නැති ජවයක් වේගයක් උනන්දුවක් හැමෝටම තිබුනා. ගෙවල් වල නිවාඩු ගිහින් ඉන්න හිත දුන්නේ නෑ. ගෙදර අක්කගේ ෆෝන් එක අරං ඔයා ඉන්ටර්නෙට් ගිහිං වැඩ කරන තරමට උනන්දුවක් උද්යෝගයක් මේ ටීම් එක ඇතුලේ තිබුනා.මේ හින්දම මං එක දශමයක් සාර්ථක වෙනකොට ඒ සතුට ඔයාල ඔක්කොම එක්ක බෙදා ගන්න පුරුදු වෙලා හිටියා හැමදාම උදේට සහ රෑට අපි ඉන්න තැන ගැන කියන්න මම txt කළා.එහෙම ඒ txt එක පුරුද්දක් වුණාම ඒක ඉදල හිටලා නැතිවුනොත් ඒක ඔයාට ප්‍රශ්නයක් වෙලා තිබුණා. එකෙන් මට දැනගන්න පුළුවන් වුනා සුදු අම්මි ඔයා ඒ txt එක එනකල් මග බලාගෙන හිටියා කියලා. දැන් මට නොකිව්වට ඒ දවස් වල ඒ txt එක එනකල් සිය දහස් වාරයක් ඔයා ෆෝන් එක බලන්න ඇති.
Monday, October 6, 2014
google දෙවියන්ට භාරයි
කියලා ඉවර කරන්නත් බැරි , ලියලා ඉවර කරන්නත් බැරි, හිතලා ඉවරකරන්නත් බැරි කවදාවත් ඉවර වෙන්නේ නැති අපේ ආදරේ ගැන ලෝකෙටම හොරෙන් ලියන්න අපි දෙන්නම කැමති වුනා.ඔයා ඉල්ලන්නේ දින වකවානු එක්ක.ඔයා කියන්නේ “ අද නෙවෙයි ඔයාට කවදහරි දවසක ඕක බලනකොට මම කියන එකේ වටිනාකම තේරෙයි සුදු අම්මි“ කියලා.හරි මම එකෙන්ම කැමතියි ඊට පස්සේ මේක කඩදාසි වල ලියන සටහනක් නොවෙන්නේ මුළු ලෝකෙටම හොරෙන් හංගගන්න පුළුවන් නිසා .ඒ නිසා අපේ අහිංසක ආදර කථාව අද ඉදළා google දෙයියන්ට භාරයි.එතකොට මේ කථාව දන්නේ ඔයයි මමයි google දෙයියොයි විතරයි.
Subscribe to:
Comments (Atom)



