හැමදාම හිත් කියන දේවල් හංගගෙන ඉන්න පුළුවන් වුනේ නෑ අපිට.මගේ හිත මටත් හොරෙන් ඔයාව හෙව්වා. උදේට Alexa කීයද කියන msg එක ඇතුළේ ගොඩාක් දේවල් යවන්න පුළුවන් වුණා මට.ඒක good morning msg එක වගේ . ඉරිදා දවසක තිබුන wedding එකකට අපි ගිහින් ඔයා ඊට පස්සේ පෝය දවසේ ගෙදර ගියා.ඒ යනකොටත් ගොඩක් හවස් වෙලා.එහෙම ගිහින් අගහරුවාදා ආයේ ඔයා එන්න ඕනේ හරි නම්. ඒත් මම කියලම එදා ඔයා ගෙදර හිටියා. ඔයා ගෙදර නිසා මම උදේ Alexa msg එක යැව්වේ නෑ මොකද relax එකේ ගෙදර ඉන්න ඕන නිසා ඔයාට. මං අමාරුවෙන් හිත තද කරන් හිටියා. ඒත් මෙන්න දවල් 12 විතර වෙන කොට මට msg එකක් එනවා. Ayye ada alexa kohomada apita salakala tiyenne? කියලා.ඒ වෙනකොට ඒක දැනගන්න ඔයාට ඕන තරම් තැන් තිබුනා. ඔෆිස් එකේ අනිත් අයත් ඒ වෙන කොට ඇවිල්ල හිටියේ වැඩට. ඒත් ඔයා මේ අහපු එකත් එක්ක මගේ හිත නතර වුනා.මට වගේම ඔයාගේ හිතටත් මාව නැකුවම බෑ නේද ? කියලා මට හිතුනා සුදු අම්මි.එතනින් තවත් ආදරේ වැඩිවුණා.ඔහොම ඔහොම දන්නෙම නැතුව දවසින් දවස අපිට අපි නැතුව ඉන්න බැරි තරමට අපේ හිත් ලංවුනා.එක වචනෙකින් වත් ආදරේ නොකිව්වට අපිට අපි නොදැක ඉන්නත් බැරි වුණා.මම නිතරම වගේ ඔයාගේ office එකට එන්න පටං ගත්තා. මම එනව කිව්වාම ඔයා සතුටින් හා.. කිව්වා..

No comments:
Post a Comment