ජීවිත වෙනස් වෙන්නේ හිතුවේ වත් නැති විදිහට.ඔයා ගැන මං හීනෙකින් වත් හිතපු නැති ආදරයක් මේ. මීට මාස දෙකකට විතර කළින් ජොබ් එක පැත්තෙන් දුර ගමනක් යන්න හදන ඔයාලගේ team එක භාර වෙන්නේ මට. එතන ඉදලා මං හිතින් වගකීම අරං දුර ගමනක් යන්න අපි එකතු වුණා.එත් ඒක අපි දෙන්නගේ ගමනක් වෙයි කියලා හීනෙකින් වත් හිතුවේ නෑ සුදු අම්මි. ඉස්සෙල්ලම official විදිහට කථා බහ කරපු ඔයා හරි ඉක්මනට මට සමීප වුණා. මං දන්නේ නෑ ඒකේ මැජික් එක. මම ඔයාලට දුන්න targets, උපදෙස් , කඩාවැටීම් වලදී නැගිට්ටපු හැටි ඒ හැම එකකටම උදව් වෙන්න ඇති.අපි ටීම් එකක් විදිහට පස්සට යනකොට මට ඕන වුනේ ඉස්සරහට ටීම් එක එලවන්න කළින් ඔලුව හදන්න. “ හෙට තමයි දවස“ “we are the champions “ වගේ වචන ගොඩක් අරං කථා ගොඩක් අරං මං මානසිකත්වය හැදුවා. ඒ එක්කම මුලු ටීම් එකම එකට වැඩ කළා . වෙනදා නැති ජවයක් වේගයක් උනන්දුවක් හැමෝටම තිබුනා. ගෙවල් වල නිවාඩු ගිහින් ඉන්න හිත දුන්නේ නෑ. ගෙදර අක්කගේ ෆෝන් එක අරං ඔයා ඉන්ටර්නෙට් ගිහිං වැඩ කරන තරමට උනන්දුවක් උද්යෝගයක් මේ ටීම් එක ඇතුලේ තිබුනා.මේ හින්දම මං එක දශමයක් සාර්ථක වෙනකොට ඒ සතුට ඔයාල ඔක්කොම එක්ක බෙදා ගන්න පුරුදු වෙලා හිටියා හැමදාම උදේට සහ රෑට අපි ඉන්න තැන ගැන කියන්න මම txt කළා.එහෙම ඒ txt එක පුරුද්දක් වුණාම ඒක ඉදල හිටලා නැතිවුනොත් ඒක ඔයාට ප්‍රශ්නයක් වෙලා තිබුණා. එකෙන් මට දැනගන්න පුළුවන් වුනා සුදු අම්මි ඔයා ඒ txt එක එනකල් මග බලාගෙන හිටියා කියලා. දැන් මට නොකිව්වට ඒ දවස් වල ඒ txt එක එනකල් සිය දහස් වාරයක් ඔයා ෆෝන් එක බලන්න ඇති.

No comments:
Post a Comment