Monday, October 13, 2014

bye tc


කොහොම හරි දවසින් දවස අපි Officialy ඉලක්ක වලට යනකොට දන්නෙම නැතුව අපි අපිට ලංවෙලා තිබුනා. නිතරම හිත හොයන තරමට.හැමදාම වැඩ ඉවර කරලා 5.30 ට “mama yanna kiyala baluwe boss " කියලා fb එකේ chat කළාම මට  '' ok '' විතරක් නොකියා ''bye tc'' කියලා කියන්න හිත කිව්වේ ඇයිද කියලා මම තාම දන්නේ නෑ.ඊට පස්සේ ඒ chat එකේ ''bye tc''කියනෙක ඔයා දැක්කේ නැති වුණාම මට ඔයාගේ phone එකට txt එකක් දාලා ඒ ටික කියන්න කියලා හිත කිව්වේ ඇයි කියලා අද තමයි දන්නේ සුදු අම්මි.ඔයාටත් ඒකෙන් අමුත්තක් දැනෙන්න ඇති.ඊට පස්සේ එතන ඉදලා මගේ හිත ඔයා ව හෙව්වා “bus ekeda? " " bordimata giyada? " "kaawada?" ""bus eke wadiwenna thibbada " මේ වගේ ගොඩාක් දේවල් අහන්න මගේ හිත කිව්වා.එක දවසක් ඔයා ගෙදර ගියාම මම හිත බලෙන් හදාගත්තා අද නම් අහන්නෙම නෑ කියලා. කොහොම හරි හිත යටට තද කරලා ඔබාගෙන හිටියා. ඔන්න එදා රෑ වෙනකොට රෑ 10 ට විතර මට එනවා  msg එකක්."" ayye mama dan mage raajadhaniyata  awaa" කියලා. ඉතිං ඒ විදිහට ආයෙත් අපි ලංවුණා.

No comments:

Post a Comment